Diploma and Higher Diploma (HND) In Hospitality & Tourism Management

ජාත්‍යන්තරව පිළිගත් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Hospitality And Tourism Management ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා (HND) පාඨමාලාව.

TVEC හි ලියාපදිංචි අංකය නුගේගොඩ P01/0994 බව සහ මහනුවර P09/0277 බව කරැණාවෙන් සළකන්න.

ජාත්‍යන්තරව පිළිගත් සහතික (මෙම සහතික TVEC (තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ MQA (මාලදිවයිනේ සුදුසුකම් අධිකාරිය) මගින් සහතික කළ හැක. 

හැදින්වීම -

දේශීයව හෝ විදේශීයව තරැ පන්තියේ හෝටල් තුළ සිසුන්ගේ අභිමතය පරිදි අනිවාර්ය රැකියා අවස්ථාවන් පිරිනමනු ලබන මෙම Hospitality And Tourism Management ඩිප්ලෝමා පාඨමාලාව දේශීයව මෙන්ම විදේශීයව පිලිගත් ජාත්‍යන්තර මට්ටමේ TVEC (Tertiary and Vocational Education Commission - තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ) අනුමැතිය ලත් ඩිප්ලෝමා පාඨමාලාවකි.

TVEC හි ලියාපදිංචි අංකය නුගේගොඩ P01/0994 බව සහ මහනුවර P09/0277 බව කරැණාවෙන් සළකන්න.

විදේශගතවීමේදී සිදුවන සියලු ක්‍රියාවලිය පාසල විසින් සිදුකරනු ලැබේ. ඩිප්ලෝමා පාඨමාව සදහා වන මාස 18ක් වන පාඨමාලා කාලයෙන් පසු හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සදහා වන මාස 30ක කාලයෙන් පසු විදේශ රැකියා සදහා පාසල හරහා අයදුම් කල හැක. විදේශගත නොවන සිසුන් සදහා ශ්‍රී ලංකාව තුළ තරැ පහේ හෝටල් වල අනිවාර්ය රැකියා අවස්ථාවන් සපයනු ලැබේ.

වෘත්තීමය අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය, පෞර්ෂත්ව වර්ධනය, මනා හැසිරීමේ ක්‍රම වේදයන් සහ කෙටි කලක් තුළ වෘත්තීමය වශයෙන් ඉදිරියට යාමට හේතුවන සියලු න්‍යායයන් සහ ක්‍රියාකාරකම් මෙම පාඨමාලා කාලය තුල පුහුණු කරනු ලැබේ.

විදේශගතවීමේ පහසුකම් සපයනු ලබන්නාවූ රටවල් -

පාඨමාලාව අවසානයේ මාලදිවයිනේ (Maldives) රැකියා අවස්ථාවන් සදහා පාසල විසින්ම යොමු කරනු ලැබේ.

මාලදිවයින තුළ Times Academy Private Limited ලියාපදිංචි ලිපිනය

8th Floor, MWSC Building, Hulhumale, Maldives (23000)

අනෙකුත් විදෙස් රැකියා අවස්ථාවන්, පාසල විසින් සහතික කෙරෙන, රජයේ ලියාපදිංචි, වෙනත් රැකියා අනුයුක්ත ආයතනයක් හරහා, පාසලේ වගකීම සහිතව ලබාදෙනු ලැබේ.

එලෙස රැකියා අවස්ථාවන් ලබාදෙනු ලබන රටවල් වනුයේ Dubai, Qatar, Saudi, Romania, Malta, Poland, Austria, German, Sweden, Canada සහ අවස්ථානුකූලව වෙනත් රටවල්ද ඇතුළත්වනු ඇත.

පාඨමාලා ආරම්භය -

Diploma in Hospitality and Tourism Management
නුගේගොඩ පාඨමාලා ආරම්භය - 2025 ජනවාරි මස 16 දින උදෑසන 8.30 ට.
මහනුවර පාඨමාලා ආරම්භය - 2025 ජනවාරි මස 21 දින උදෑසන 8.30 ට.

Higher Diploma (HND) in Hospitality and Tourism Management

ලියාපදිංචිවීමේ අවසන් දිනය -

ආසන සීමිත බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න. එක් කන්ඩායමක් සදහා උපරිම සිසුන් 26ක් පමණි. පාඨමාලාවට සහභාගීවිය හැක්කේ පළමුව ලියාපදිංචිවන සිසුන් 26 සදහා පමණි.

පාඨමාලාව පැවැත්වෙන දිනයන් -

සෑම සතියකම සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.30 තෙක් පාඨමාලා කාලය තුළ දේශන පැවැත්වේ.

කවුරැන් වෙනුවෙන්ද ?

විදේශගත වීමට අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනා, හෝටල් ක්ෂේත්‍රය තම වෘත්තීය ලෙස තෝරා ගැනීමට අපේක්ෂා කරන්නාවූ සියලු දෙනා, මෙම වෘත්තිය තුළ කළමණාකාරීත්වය හෝ සූපවේදී තනතුරැ දක්වා ඉහළට යාමට අපේක්ෂිත සියලු දෙනා සහ මෙම වෘත්තිය තුළ දැනටමත් සිටින නමුත් තම රැකියාවේ ඉහළට යාමට හෝ වැඩි වැටුප් සදහා විදේශගතවීමට අපේක්ෂිත ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක.

දේශියව රැකියා අවස්ථාවන් සපයනු ලබන හෝටල් -

මෙම පාඨමාලාවේ පළමු මාස තුන අවසානයේ සිට කෙටිකාලීන රැකියා අවස්ථා සපයනු ලබන අතර එම කෙටිකාලීන රැකියා අවස්ථා සහ පාඨමාලාවේ පළමු මාස දොළහ අවසානයේ ලංකාව තුළ ඔබ වෙත පිරිනැමෙන්නාවූ රැකියා අවස්ථාවන් හිමිවන හෝටල් මෙසේය.

Colombo Hilton, Galadari, Taj Samudra, Cinnamon Grand, Cinnamon Lakeside, Cinnamon Bentota, Cinnamon Citadel, Laugfs Hotels, Ananthaya, Ramada, Galleface Hotel, Golden Rose, Wonder Hotel, Shangri la Hotel, Queen's Hotel, Grand Kandian, Mahaweli Reach Hotel, Jetwing Hotels, Kandalama Hotel, Mandarin Hotel, MovenPick Hotel, etc...

සහභාගී විය හැකි වයස් සීමාව -

වයස් සීමාව පිරිමි ළමුන් සදහා 17 - 32 දක්වා වන අතර ගැහැණු ළමුන් සදහා 17 - 28 දක්වා වේ. ගැහැණු ළමුන් අවිවාහක විය යුතුය.

පාඨමාලා ගාස්තු -

Diploma In Hospitality And Tourism Management

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැපියල් 445,000/-ක් වන අතර එය ලියාපදිංචි ගාස්තුව රැපියල් 10,000/-ක් පළමු දින වාරිකය රැපියල් 50,000/-ක් සහ දෙවන මස සිට රැපියල් 35,000/- බැගින් වූ සමාන මාසික වාරික 11ක් ලෙස සම්පූර්ණ පාඨමාලා කාලය තුල කොටස් ලෙස ගෙවිය හැක.

Higher Diploma (HND) In Hospitality And Tourism Management

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැපියල් 750,000/-ක් වන අතර එය ලියාපදිංචි ගාස්තුව රැපියල් 10,000/-ක් පළමු දින වාරිකය රැපියල් 50,000/-ක් සහ දෙවන මස සිට රැපියල් 30,000/- බැගින් වූ සමාන මාසික වාරික 23ක් ලෙස සම්පූර්ණ පාඨමාලා කාලය තුල කොටස් ලෙස ගෙවිය හැක.

ලියාපදිංචි වන අයුරු -

ආසන සීමිත බැවින් පළමුව රැපියල් 10,000/-ක මුදලක් ගෙවා ලියාපදිංචි වීම සිදුකල යුතු අතර එම මුදල සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් අඩු වනු ඇති. ලියාපදිංචිවීමේ ගාස්තු ගෙවීම Online මාර්ගයෙන් සිදුකළ හැකි අතර ලියාපදිංචි ගාස්තු Online මාර්ගයෙන් ගෙවා ලියාපදිංචිවීම සදහා පහත සදහන් Link එක වෙත පිවිසෙන්න..

https://timesacademy.lk/course-details/

තවද ලියාපදිංචිවීම් ඕනෑම දිනක උදෑසන 9ත් සවස 5ත් අතර පාසල වෙත පැමිණ සිදුකල හැකි අතර දුර බැහැර සිටීම නිසා හෝ පැමිණීමේ අපහසුතා ඇති අය සඳහා රැපියල් 10,000/-ක මුදල පහත බැංකු ගිණුම වෙත තැන්පත් කිරීමෙන් අනතුරුව එහි රිසිට්පතේ ජායා රෑපයක් සමග ඔබේ නම WhatsApp මඟින් 077 888 37 36 හෝ 0777 696 350 වෙත එවීමෙන් ලියාපදිංචි විය හැක.

Bank Name : Seylan Bank kottawa Branch
Account Name : Times Academy (Pvt) Ltd
Account Number : 033013216734120

පාඨමාලාව සඳහා පැමිණිය යුතු ආකාරය -

සුදු අත් දිග කමිසය සහ කලු දිග කලිසම ඇඳ කමිසය කලිසමට යට කර කලු පැහැති මේස් සමඟ කලු පැහැති කාර්යාල සපත්තු දමා පිටු 120 තනිරෑල් පොත් 12ක් සමගින් පලමු දින පාසලට පැමිණිය යුතුය.

Diploma පාඨමාලාවේ අන්තර්ගතය සැකෙවින් -

Front Office Operations
Food And Beverage Operations
Housekeeping and Laundry Operations
Kitchen Operations
Bakery Operations
Public Relations
Effective and Work Place Communication Management
Hospitality Spoken English
Human Recourse Management
Marketing and Business Operations
Travel and Tourism
Barista
Bartending and Mixology (Without Alcohol)
Occupational Health and Safety

Higher Diploma (HND) පාඨමාලාවේ අන්තර්ගතය සැකෙවින් -

Front Office Operations 2
Food And Beverage Operations 2
Housekeeping and Laundry Operations 2
Kitchen Operations 2
Bakery Operations 2
Barista 2
Bartending and Mixology (Without Alcohol) -2
Hospitality Spoken English
Stores Maintenance and Logistic Handling
Problem Solving and Decision Making
Teamwork and Leadership
Financial Management and Accounting
Research Methods and Continuous Improvement
Risk Management

පාඨමාලාව අතරතුර පාසල විසින් ඔබට පිරිනමන වරප්‍රසාද -

* Hospitality English Course - Complete Spoken English Program (Free)
* Basic Information Technology Course (Free)
* Structure Cake Decoration Course (Free)
* Culinary Arts Course - Fruit, Vegetable, Butter And Ice Carving (Free)
* Industrial Training (With a paid allowance)
* Guaranteed Job Opportunities (After 12 Months)
* Consulting Facilities For Migration (Free)
* Chef Kit, Apron, Hat And Essential Tools (Free)

ආයතනයේ පිහිටීම -

අප ආයතනය පිහිටා ඇත්තේ ග්‍රී ලංකාව තුල නුගේගොඩ නගරයේ සහ මහනුවර නගරයේ පමණි (‍වෙනත් ශාඛා නොමැත).

විදේශීයව මාලදිවයින තුල තවත් ශාඛාවක් විවෘත්තව ඇත.

නුගේගොඩ ශාඛාවේ මාර්ග සිතියම
මහනුවර ශාඛාවේ මාර්ග සිතියම

100% ක් වර්ථමාන නිරෝධායන නීතීන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, අධ්‍යපන අමාත්‍යාංශයේත් අනුමැතිය යටතේ පැවැත්වෙන පාඨමාලාවකි.

වැඩි විස්තර සඳහා අමතන්න
Hotline - 0117 699 722
WhatsApp - 077 888 37 36 / 0777 350 556
Telephone - 0112 82 62 82
Web : www.timesacademy.lk

පාඨමාලාව සදහා ලියාපදිංචි විය හැකි ආකාරය -

පහත දක්වා ඇති පියවරයන් ඔස්සේ මෙම පාඨමාලාව සඳහා ඔබට ලියාපදිංචිවීම සිදුකල හැක.
1. පළමුව ලියාපදිංචි ගාස්තුව වන රැපියල් 10,000/- ක මුදල ආයතනය වෙත ගෙවිය යුතුය. ගෙවීම් කල හැකි ආකාරය පිළිබඳ වැඩි විස්තර සහ Online ගෙවීම් සඳහා පිවිසෙන්න.
2. දෙවනුව පහත දී ඇති Online අයදුම්පත්‍රය පුරවා "REGISTER NOW" ක්ලික් කල යුතුය. අයදුම්පත්‍රය පිරවීම සඳහා පිවිසෙන්න.
ඉහත 1 සහ 2 පියවරයන් නිවැරදිව සිදුකලේනම් ඉදිරි පැය 24ක කාලයක් තුල ලියාපදිංචි අංකය සහිත Whats App පණිවිඩයක් ඔබ වෙත ලැබෙනු ඇත.
වැදගත් :
ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් පසු ඔබට ඒ පිළිබඳ තහවුරු කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් 0777 350 556 අංකය අමතා හෝ එම අංකය වෙත Whats App පණිවිඩයක් එවීමෙන් තහවුරු කර ගැනීම සිදුකරගත හැක.

ලියාපදිංචි ගාස්තු ගෙවීම සිදුකරනු ලබන අයුරැ

ආසන සීමිත බැවින් ලියාපදිංචිවීම සදහා පළමුව රැපියල් 10,000/- ක මුදලක් ආයතනය වෙත ගෙවිය යුතු අතර එම මුදල ගෙවීම ඔබේ පහසුව පරිදි පහත දක්වා ඇති එක් ක්‍රමයකට සිදුකළ හැක.

පළමු ක්‍රමය -

Online ගෙවීමක් හරහා ලියාපදිංචි ගාස්තු ගෙවිය හැක. මෙහිදී Credit / Debit Card මාර්ගයෙන් හෝ වෙනත් Online ක්‍රම කිහිපයක් ඔස්සේ ගෙවීම් සිදුකළ හැක.

Online ගෙවීම් සිදුකිරීම සදහා පිවිසෙන්න

දෙවන ක්‍රමය -

ඕනෑම දිනක උදෑසන 9ත් සවස 5ත් අතර පාසල වෙත පැමිණ ලියාපදිංචි ගාස්තුව පාසල වෙත ගෙවිය හැක.

තෙවන ක්‍රමය -

ලියාපදිංචි ගාස්තුව පහත බැංකු ගිණුම වෙත තැන්පත් කිරීමෙන් අනතුරුව එහි රිසිට්පතේ ජායා රෑපයක් සමග ඔබේ නම සහ හැදුනුම්පත් අංකය Whats App මඟින් 077 888 37 36 ‍හෝ 777 696 350 වෙත එවීමෙන් ලියාපදිංචි විය හැක.

Bank Name : Seylan Bank kottawa Branch
Account Name : Times Academy (Pvt) Ltd
Account Number : 033013216734120

පාඨමාලාව සදහා ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය

Please Enter the Reference Number Which given by Your Enrollment Manager.
When Reserving A Seat, First Priority Goes To The Students, Those who deposited or paid Rs 10,000/- Of Registration Fee Before The Starting Day.

🎓 **ඔබ TIMES ACADEMY හා සම්බන්ධ වීම වැදගත් වන්නේ ඇයි?**

👉  ජාත්‍යන්තරව පිළිගත් සහතික (මෙම සහතික TVEC (තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ MQA (මාලදිවයිනේ සුදුසුකම් අධිකාරිය) මගින් සහතික කළ හැක.

👉  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැබෑ ජාත්‍යන්තර මට්ටමේ කුසලතා සහිත පුද්ගලයින් බිහිකිරීම සදහා වන තනි පුද්ගල ප්‍රායෝගික පාදක පුහුණුව.

👉  TIMES ACADEMY වෙතින් සමත් වන සෑම සිසුවෙකුටම දේශීයව සහ ජාත්‍යන්තරව රැකියා අවස්ථා ලබාදීමේ වගකීම අප ආයතනය විසින්ම සිදු කිරීම.

👉  පූර්ණ සුදුසුකම් ලත් හෝටල් ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරුන් යටතේ මිත්‍රශීලී පරිසරයක අධ්‍යයනය කිරීමේ හැකියාව.

👉  ඉංග්‍රීසි භාෂාව සඳහා ඇති කරදරකාරී නොවන භාෂා සංවර්ධන ක්‍රම අපි ඔබට උගන්වමු. එබැවින් ඉංග්‍රීසි දැනුම තිබීම අනිවාර්ය නොවන අතර මෙම වැඩසටහන් ආරම්භ කිරීමට සටහන් පිටපත් ලිවීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් වීම.

👉  TIMES ACADEMY හි අධ්‍යාපනය හදාරන සිසුන්ගේ වටිනාකම් වැඩි කිරීම සඳහා අපි සෑම විටම  අමතර සහතික පත්‍ර පිරිනැමිය හැකි ආකාරයේ අගය එකතු කළ වැඩසටහන් සහ තරඟ සංවිධානය කිරීම හරහා සෑම විටම සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ නැංවීම.

👉  දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් බාහිර සංගම් සහ සංවිධාන විසින් සංවිධානය කරනු ලබන තරඟවලට සහභාගී වී ජයග්‍රහණය කිරීමට අප අපගේ සිසුන්ට මඟ පෙන්වීම ලබා දෙන අතර එමගින් ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම් ඉහළ නැංවීම.

✅ ** අපගේ අරමුණ හුදෙක්ට හෝටල් පාසල් සිසුන් බිහිකිරීම නොව අප සමඟ එක්වන සිසුන් ජාත්‍යන්තර හෝටල් හිමියා අපේක්ෂා කරන්නාවූ ආකල්ප සහ කුසලතා සහිත පරිපූර්ණ පුද්ගලයින් බිහිකිරීම බව TIMES ACADEMY අපි සහතික වෙමු. **

📚 **ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය වෘත්තියක් බවට පත් කිරීම සඳහා පළමු පියවර ගන්න! අදම ලියාපදිංචි වී ඔබේ ආශාව වෘත්තිය බවට පරිවර්තනය කරන්න.**